
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මාසයේ (අගෝස්තු) පැවැත්වීමට නියමිත බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ප්‍රමුඛ ‘බ්‍රික්ස්’ (BRICS) සමුළුවේදී ලොවට නව හුවමාරු මුදල් ඒකකයක් හඳුන්වාදීමට සුදානමක් පවතින බව වාර්තා වේ.
මේ වන විට ලෝකයේ වෙළඳ ආධිපත්‍යය හිමිකරගෙන සිටින එක්සත් ජනපද ඩොලරයට අභියෝග කිරීම මෙම නව මුදල් ඒකකයේ අරමුණ බව කියැවේ.
කෙසේවෙතත් එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ, ඩොලරයට වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් විය හැකි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
බ්‍රික්ස් සංවිධානයේ අරමුණ වන්නේ, 2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරන, වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමයි.
2010 වසරේ දී දකුණු අප්‍රිකාව ද BRICS සමග එක්වූ අතර මේ වනවිට එය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකේ.
මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් බ්‍රික්ස් සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart