
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නුදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන් පාතාල නායක පියුම් හස්තික නොහොත් පියුමා සහ තවත් පාතාල අපරාධකාරයකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාතාල අපරාධකාරයන් දෙදෙනාට එරෙහිව රත්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ද ලබාගෙන තිබේ.
මෙම පාතාල අපරාධකාරයන් දෙදෙනාගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ බූස්ස බන්ධනාගාරයේ අධිකාරි ඩබ්ලිව්.අරවින්ද කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන පානදුරේ කුඩු සලිඳුගේ සමීපතම සගයා බව කියන ‘පියුමා’ නමැති පාතාල මැරයාට එරෙහිව මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් ඇති බව පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පියුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබුවේ මීට මාස කීපයකට උඩදීය.
පියුමා මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී එහි නිලධාරීන් සමග ගැටුම් ඇතිකර ගැනීම නිසා බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබිණි.
පියුමා නමැති පාතාල නායකයා තම විවාහය ලියාපදිංචිය බන්ධනාගාරය තුළදී කරගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබී ඇත.
එය මානුෂික ක්‍රියාවලියක් නිසා ඊට අධිකරණයෙන් ද අවසර ලැබී තිබිණි.
ඒ අනුව පියුමා බූස්ස බන්ධනාගාරයේදී තම විවාහය ලියාපදිංචිය ජයටම කිරීමට සූදානම්ව සිටියේය.
බූස්ස බන්ධනාගාරයේ පාලනාධිකාරිය ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට සූදානමින් සිට ඇත.
ඒ අනුව නැටුම් කණ්ඩායම්, බෙර කණ්ඩායම් ගෙන්වා උත්සවාකාරයෙන් කේක් කපා විවාහය ලියාපදිංචිය ජයටම කිරීමට පියුමා සැලසුම් කරගෙන සිට ඇත.
එහෙත් බූස්ස බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ගේ වෙනසක් මීට ටික දිනකට පෙර සිදුවී තිබිණි.
බන්ධනාගාරයට අලුතින් පැමිණි අධිකාරිවරයා පියුමාගේ මෙම මංගල උත්සවය ජයට ගැනීමට සහායදී නැත.
අධිකරණ නියෝගය මත පියුමාගේ විවාහය ලියාපදිංචිය සඳහා පමණක් ඔහුට අවසර ලැබී තිබිණ.
මේ සිද්ධිය නිසා පියුමා බූස්ස බන්ධනාගාරයේ වර්තමාන පාලනාධිකාරිය සමග දැඩි වෛරයකින් පසුවී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
ඒ අනුව ඉකුත් 07 වැනිදා බන්ධනාගාර අධිකාරිවරයා පියුමා රඳවා සිටි වාට්ටුව වෙත පැමිණි අවස්ථාවේ “තෝ තමයි මේ සේරම කළේ යැයි” පවසමින් බන්ධනාගාර අධිකාරිවරයාගේ මුහුණට සහ නාසයට අමානුෂික ලෙස පහරදී ඇත.
ඊට චන්දන නමැති අනෙක් පාතාල මැරයාද සහය වී තිබේ.
මෙම සිද්ධියෙන් පසු බන්ධනාගාරය තුළ ඇතිවීමට ගිය මහා ගැටුමක් පොලිස් විශේෂ කාර්ය බළකාය මැදිහත්ව නතර කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් ද වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල අපරාධකරුවන් විසින් එහි සවිකර තිබූ සීසීටීවී කැමරා 63ක්ද පොඩිපට්ටම්කර විනාශකර දමා ඇති බව පොලිසිය පවසයි.
බූස්ස බන්ධනාගාරයේ කලබලකාරී සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති තම සැමියා වන පියුමාට බන්ධනාගාරය තුළදී කළු ඇඳගත් මුහුණු ආවරණ හිස්වැසුම් පැලඳි දසදෙනකු පැමිණ අමානුෂික ලෙස පහර දුන් බවට ඔහුගේ බිරිඳ වන කළුපගේ දෙව්මිණි විහාරා පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.
තම සැමියා මෙම සිද්ධියෙන් පසු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බවත් ඔහු බැලීමට එහි ගිය අවස්ථාවේ තමන් පහරකෑමට ලක්වූ බව ඔහු පැවසූ බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart