
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Marvel රසිකයන් අතරෙ දැනට තියෙන ලොකුම කතාබහ තමයි Spider-Man කියන්නෙ Avengersලා ඔක්කොම එකතු වුණාටත් වඩා බලවත් කෙනෙක්ද කියන එක.
එහෙම හිතෙන්නත් සාධාරණ හේතුවක් තියෙනවා. මොකද, අලුතින්ම තිරගත වීම ආරම්භ කළ Spider-Man: Brand New Day චිත්‍රපටය, සිනමා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ ඉහළම ඇමෙරිකානු ආරම්භක ආදායම ලබමින් වාර්තාගත ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක දැවැන්ත ආදායමක් සතිඅන්තයේදී විතරක් Box Office ගිණුමට එකතු කරගෙන තිබෙනවා.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2019දී ඩොලර් මිලියන 357ක ආදායමක් ලැබූ Avengers: Endgame චිත්‍රපටයයි. ඒ අනුව Endgame හි ඉහළම ආරම්භක ආදායම් වාර්තාව බිඳහෙළීමට Spider-Man සමත්ව තිබෙනවා. සිනමා ඉතිහාසයේම සති අන්තයක් ඇතුළත ඩොලර් මිලියන 300 සීමාව පසුකළ එකම චිත්‍රපට දෙක වන්නේද මේ දෙක පමණයි.
ලෝක ව්‍යාප්ත ආරම්භක ආදායම ගත්කල, ටොම් හොලන්ඩ් ප්‍රධාන චරිතය රඟපාන මෙම අලුත්ම Spider-Man සිනමාපටය දින 3ක් ඇතුළත ලොව පුරා ඩොලර් මිලියන 932ක ක්ෂණික ආදායමක් උපයාගෙන තිබෙනවා. එය ඉතිහාසයේ දෙවැනි ඉහළම ලෝක ව්‍යාප්ත ආරම්භක ආදායම වන අතර, පළමු ස්ථානයේ තවමත් රැඳී සිටින්නේ ඩොලර් බිලියන 1.2ක් ලැබූ Avengers: Endgame චිත්‍රපටයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Sony Pictures හි සභාපති ටොම් රොත්මන් Tom Rothman පවසා සිටියේ:
“වාව්! මේ වගේ අතිවිශිෂ්ට නිර්මාණයක් කළ අපේ නළු නිළියන් ඇතුළු මුළු කණ්ඩායමටම ඩොලර් මිලියන 360ක ස්තූතිය පිරිනමනවා. වාර්තා තියෙන්නේ කඩන්න තමයි, ඒත් මේ වාර්තාව අප සතුව තියෙන තෙක් අපි ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා” යනුවෙනි.
Destin Daniel Cretton විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම නවතම චිත්‍රපටයේ කතාව ඇරඹෙන්නේ No Way Home අවසානයෙන් පසුවයි. මුළු ලෝකයටම පීටර් පාකර්ව අමතක වී ඇති අතර, තමන්ගේ පෙම්වතිය වූ MJ (Zendaya) සහ හොඳම මිතුරා වූ Ned (Jacob Batalon) පවා තමන්ව හඳුනන්නේ නැති පසුබිමක, පීටර් තනිවම නිව් යොර්ක් නගරය බේරාගැනීමේ සටනක නිරත වෙනවා.
කොහොමවුණත්, මේ ලැබෙන ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක Spider-Man: Brand New Day චිත්‍රපටය ඉදිරියේදී ඩොලර් බිලියන 2 සීමාව පහසුවෙන්ම පසුකරනු ඇති බවටයි සිනමා විචාරකයින් අනාවැකි පළකරන්නේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart