
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු ගෙවීමට ආදායමක් නොමැති නම් බදු ගෙවීම සඳහා සිදුකර ඇති ලියාපදිංචිය අක්‍රීය කරගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එම නිවේදනයට අනුව බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම්, ඒ බව සනාථ කළ හැකි ලේඛන මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්තමේන්තුව වෙත 2024.11.30 දිනට ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.
ඒ අනුව 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තා යොමුකිරීමේ පහසුකම www.ird.gow.lk යන දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබාගත හැකිය.
ඊට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart