
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ නායකයන් ගනු ලැබූ තීරණයකට අනුව ‘මාර්ගගත ආරක්ෂණ (නිෂේධන) පනත් කෙටුම්පත’ (Online Safety (Repeal) Bill) පිළිබඳ විවාදය ලබන ජූනි මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව සභානායක කාර්යාලය පවසයි.
එම නියමිත දිනයේ පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 2024 අංක 9 දරන මාර්ගගත ආරක්ෂණ පනත (Online Safety Act) 2024 වසරේ පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබීය.
සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය ආයතන කිහිපයක් ඇතුළු පාර්ශ්ව රැසක් මෙම පනතට එකල දැඩි ලෙස විරෝධය පළකළහ.
මේ අතර, ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන ජූනි 24 වැනි බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී රජයෙන් ඉල්ලා සිටියේ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර ඊට අදාළ පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන ලෙසයි.
මීට අමතරව, ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය ලබන ජූනි 26 වැනි සිකුරාදා දින පැවැත්වීමට නියමිතව ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart