September 22, 2026

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනය ඇතුළත් පෙත්සම් තීන්දුව කථානායකවරයා වෙත යොමුකර තිබූ අතර, අද (22) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.