
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොවැම්බර් 07 වෙනිදා ස්පාඤ්ඤ ආරක්ෂක බලධාරීන් එරට පළාත් කිහිපයක ක්‍රියාත්මක වූ සැක සහිත ජිහාඩ් ජාලයක් අනාවරණය කරගෙන ඇත.
ඊට අදාළ මෙහෙයුම්වලදී ජිහාඩ් සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම මෙහෙයුම ස්පාඤ්ඤ නගර කිහිපයක සිදුවී ඇති අතර, හත් දෙනෙක් බාර්සිලෝනාහිදී, ලෙයිඩාහි එක් අයෙක්, මලගාහි එක් අයෙක්, ගිපුස්කෝවාහි දෙදෙනෙක්, වැලෙන්සියාහි දෙදෙනෙක් සහ ලොග්‍රෝනෝහි එක් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
දැනට ස්පාඤ්ඤයේ ත්‍රස්තවාදී අනතුරු ඇඟවීමේ මට්ටම ’04ක්’ ලෙස වර්ගීකරණය කර ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ, ඔක්තෝබර් 20වැනි දින පොලිසිය විසින් සිදුකරන ලද සමාන ත්‍රස්ත විරෝධී මෙහෙයුමකින් පසුව ‘අන්‍යාගමිකකරණය සහ ජිහාඩ් බඳවා ගැනීම්’ සඳහා ජිහාඩ්වාදීන් යැයි සැකකරන සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart