
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව පුරා ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටි 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් හිටපු ලෝක ශූර ආර්ජන්ටිනාව පරදා අතිරේක කාලයේදී වාර්තා කළ සුපිරි ගෝලයකින් ජයග්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය ලෝක පාපන්දු ඉතිහාසයේ පිරිමි සහ කාන්තා ලෝක ශූරතා දෙකම එකම කාලයකදී සතු කරගත් පළමු රට බවට පත්වෙමින් නව වාර්තාවක් ද තැබීය.
තරගය ආරම්භයේ සිටම වත්මන් යුරෝපීය ශූරයන් වූ ස්පාඤ්ඤය හොඳ අවස්ථාවන් නිර්මාණය කළ අතර, ආර්ජන්ටිනාව වැඩි වශයෙන් උත්සාහ කළේ ස්පාඤ්ඤයේ ක්‍රීඩා විලාසය අඩාල කිරීමටයි.
තරගයේ නියමිත කාලය අවසන් වීමට මොහොතකට පෙර ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්වීම නිසා ඔවුන්ට ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් තරගය ක්‍රීඩා කිරීමට සිදුවිය.
තරගයේ නියමිත මිනිත්තු 90 තුළ දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ බැවින් තරගය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.
එහිදී 106 වැනි විනාඩියේදී ආදේශක ක්‍රීඩක නිකෝ විලියම්ස් හිසෙන් කළ පන්දු යොමු කිරීමක් සාර්ථකව ලබාගත් ෆෙරන් ටොරස් ආර්ජන්ටිනා දැල් රකින්නා වූ එමලියානෝ මාර්ටිනෙස් අභිබවා ගෝලයක් වාර්තා කරමින් ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ක්‍රීඩා පිටියෙන් පිටතදී දැවැන්ත සංදර්ශනයක් බවට පත්විය. තරගය ආරම්භ වීමට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙලිකොප්ටර් යානා සමූහයක් සමඟින් නිව් ජර්සි වෙත පැමිණි අතර, ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වතාවට Half time හි දී ශකීරා, මැඩෝනා සහ ජස්ටින් බීබර් වැනි සුපිරි තරු ඉදිරිපත් කළ සංදර්ශන හේතුවෙන් විවේක කාලය මිනිත්තු 27ක් දක්වා දීර්ඝ විය.
කෙසේවෙතත්, මෙම දිගු විවේකය සහ පිටිය තුළ නිතර සිදු වූ බාධා කිරීම් හේතුවෙන් තරගයේ සුමට ගලායාම ගිලිහී ගියේය.
පළමු අර්ධයේදී ලැමීන් යමාල් සහ මිකෙල් ඔයර්සබල් එල්ල කළ ප්‍රහාර ආර්ජන්ටිනා දැල් රකින්නා දක්ෂ ලෙස වැළැක්වීය.
තරගය පුරා විනිසුරු ස්ලාව්කෝ වින්සික්ගේ ලිහිල් තීරණ පිළිබඳව ස්පාඤ්ඤය චෝදනා කළ අතර, ආර්ජන්ටිනාවේ ලීසැන්ඩ්‍රෝ මාර්ටිනෙස්ට 40 වැනි විනාඩියේදී කහ කාඩ්පතක් හිමි වූ අතර ඉන් සුළු මොහොතකට පසු ඔහු ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් විය.
මෙම තරගාවලිය 39 හැවිරිදි සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසීගේ අවසන් ලෝක කුසලාන තරගය වූ අතර, එහිදී තමන් සතු ලෝක ශූරතා කිරුළ අහිමි වීමේ දැඩි වේදානවට මුහුණ දීමට ඔහුට සිදුවිය.
මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරා ගෝල 8ක් වාර්තා කරමින්, විශේෂයෙන්ම එංගලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේදී ගෝල දෙකකටම මග පාදමින් ආර්ජන්ටිනාව මෙහෙයවූ මෙසීට, මෙම අවසන් තරගයේදී ස්පාඤ්ඤ පසුපෙළ ආරක්ෂකයන්ගෙන් දැඩි බාධා එල්ල විය. ඔහුට තරගය පුරා එල්ල කිරීමට හැකි වූයේ එකම එක ඉලක්කයෙන් බැහැර වූ පහරක් පමණි.
මෙවර ලෝක කුසලාන තරගාවලිය කේප් වර්ඩ් කණ්ඩායම සමඟ ගෝල රහිතව සම වෙමින් ආරම්භ කළ ස්පාඤ්ඤය, තරගාවලිය ඉදිරියට යත්ම ප්‍රබල ප්‍රංශ කණ්ඩායම ද පරදවමින් තමන්ගේ සුපුරුදු පාපන්දු ක්‍රීඩා විලාසය තුළින්ම ස්පාඤ්ඤය, අවසානයේ 2026 ලෝක පාපන්දු ශූරයෝ ලෙස කිරුළු පැළඳූහ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart