
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණයේදී පාලන තන්ත්‍රයේ වෙනසක් වුවහොත් ඇතිකරගනු ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට ඔවුන් ගරු කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙරට අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින් සියයට 50කට පමණ හිමිකම් කියන බැඳුම්කර හිමියන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී ඒ පිළිබඳ ප්‍රකාශ වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විවිධ දේශපාලන නායකයන් සමඟ බැඳුම්කර හිමියන් අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ සාකච්ඡා පවත්වා තිබේ.
ජාතික ජන බලවේගය සමඟ පැවති සාකච්ඡාවලදී, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් වෙනස් නොකරන බවට පක්ෂය සහතික වී ඇති බාව වාර්තා වේ.
දැනට, ශ්‍රී ලංකා රජය විසින් සති තුනක කාලයක් තුළ Ad Hoc Bondholders සමූහයේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් නව දෙනෙකු සමඟ මූලික සාකච්ඡා අවසන් කර ඇත.
මෙහෙයුම් කමිටුව සමස්තයක් ලෙස සමූහයේ විශාලතම සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර සමූහය විසින් අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කරවලින් සමස්ත හිඟ මුදලින් ආසන්න වශයෙන් 50%ක් පාලනය කරයි.
මීට පෙර මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සාධනීය සාකච්ඡා පැවතියද කොන්දේසි ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ බවයි.
මෙම කාල පරිච්ඡේදය තුළ, ශ්‍රී ලංකාව, මෙහෙයුම් කමිටුව සහ එහි උපදේශකයන් මාර්තු 27 සහ 28 යන දිනවල ලන්ඩනයේ දින දෙකක සැසියක් අතරතුර රැස්වී සමූහයේ නවතම ණය ප්‍රතිකාර යෝජනාව පිළිබඳ සාකච්ඡා කර තිබිණි.
එම රැස්වීම්වලට පෙර මාර්තු 15 වැනි දින සමූහයේ උපදේශකයන් වෙත ශ්‍රී ලංකාව තමන්ගේම ණය ප්‍රතිකාර යෝජනාවක් යොමුකර තිබූ අතර එය මෙහෙයුම් කමිටුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart