
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 04කට වැඩි කාලයන් ඇදි ඇදී පැමිණි දකුණු පළාත් විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව ජනමාධ්‍ය ඔස්සේ රටට අනාවරණය වීමත් සමඟ එය විසඳීමට වගකිවයුත්තන් කටයුතු කර තිබේ.
අධික මිලට හදිසි විදුලිය මිලදීගැනීම් වෙනුවෙන් මෙම සම්ප්‍රේෂණ මාර්ග සම්බන්ධතාව සම්පුර්ණ නොකරන බවට චෝදනා එල්ලවී තිබිණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට බඳුන් වීමෙන් අනතුරුව, ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ආරවුලක පැටළී සිටි දේපළවල හිමිකරු අදාළ දේපළ නොමිලේ ලබාදීමට එකඟ වී ඇත.
එහෙත් මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ, මීටර් 650ක පමණ විදුලි රැහැනක් අදාළ ඉඩම හරහා ඇදීම වෙනුවෙන් ඉඩමේ හිමිකරු විශාල මුදලක් වන්දි ලෙස ඉල්ලා ඇති බවයි.
දැන්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ අද (11) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර සහිත පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගය නිම කිරීම සඳහා ඉඩම් හිමියා සහ ලංවිම අතර පවතින ආරවුල සමථයකට පත් කිරීම සඳහා වන සාකච්ඡාව අගෝස්තු මස 11 වැනි දිනට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නියම කරන තිබිණි.
දකුණු පළාත සම්බන්ධ කරමින් කිලෝවොට් 220 ක් සඳහා කිලෝමීටර් 150 ක සම්ප්‍රේෂණ මාර්ගය පසුගිය වකවානුවේ නතර වී තිබුණේ මීටර් 650 ක දුරක් සඳහා රජයේ තක්සේරුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙනි.
විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මීට පෙර කියා සිටියේ අදාළ මතභේදය සමථයකට පත් වුවහොත් දින හතරකින් සම්ප්‍රේෂණ මාර්ගයේ වැඩ අවසන් කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart