
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව පරදවමින් පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් ලැබූ දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණීමට සමත්විය.
දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් අද පරාජයට පත්විය.
ඒ අනුව තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයගත් දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ඕස්ට්‍රෙිලියාව දෙවැනි තැනට ඇදදමමිනි.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල හතරවනි තැනට පත්විය.
සිව්වැනි දිනයට ඊයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස්කරගෙන ජයග්‍රහණයට ලකුණු 143ක් පසුපසින් සිටි අතර,
ඒ වනවිට කඩුල්ලේ රැඳිසිටි නායක ධනංජය ද සිල්වා හා කුසල් මෙන්ඩිස් ලකුණු 39ක බැගින් රැස්කර ගෙන සිටියහ.
කෙසේනමුත් අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 14ක් එක්වද්දී කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දැවීගිය අතර, ඉන් අනතුරුව ධනංජය ද සිල්වා ලකුණු 50 කට දැවීගියේය.
ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 238කට සීමාකළ දකුණු අප්‍රිකාව දෙවැනි ටෙස්ට් තරගය ජයගත්තේය.
එහිදී කෙෂ්වර් මහරාජ් කඩුලු 05ක් බිඳහෙළීමට සමත්විය.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 358ක් සහ ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 328ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමට ලකුණු 317ක් රැස්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart