
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් 2025 යල කන්නයේදී නාඩු, සම්බා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් පිළිවෙලින් රුපියල් 120/-ක්, රුපියල් 125/-ක් සහ රුපියල් 132/-ක් ලෙස මිල දී ගෙන තිබේ.
ඉදිරි කන්නවලදී සම්බා සහ කීරි සම්බා වගාකිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් එම වී වර්ග මිල දී ගැනීම සඳහා දැනට පවතින අවම මිල ගණන් ඉහළ නැංවීම සුදුසු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇති මිල කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
එම නිර්දේශය මත පදනම්ව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව විසින් නියමිත ප්‍රමිතියෙන් යුත්, නාඩු වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 120/- ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටත්, සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 125/- සිට 130/- දක්වා සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1ක් මිල දී ගැනීමේ අවම මිල රුපියල් 132/- සිට රුපියල් 140/- දක්වා ඉහළ නැංවීමටත් තීරණය කරනු ලැබ ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart