
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැදගමුව කොටුගොඩ නිවසක සිදුවූ පවුල් ආරවුලක් දුරදිග ගොස් බිරිඳගේ පියා විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ බෑණා මියයෑමේ පුවතක් ගම්පහ පොලිසියෙන් වාර්තා වෙයි.
මියගිය පුද්ගලයා මෙයට වසර ගණනාවකට පෙර පහළොස් හැවිරිදි වියේ බාලවයස්කාර තරුණියක් හොර රහසේ රැගෙන ගොස් ඇති අතර, පසුව නිසි වයස සම්පූර්ණවූ පසු නීත්‍යානුකූලව විවාහ වී ඇතත්, දෙදෙනා අතර නිතර පවුල් ආරවුල් ඇතිවීම නිසා බිරිඳ සැමියා හැරදමා සිය දෙමාපියන් වෙත පැමිණ ඇත.
මරණකරු නොයෙකුත් නීතිවිරෝධී ක්‍රියාවන්වල යෙදෙන බැවින් බිරිඳගේ මව්පියන් ඔහුට අකමැතිව සිට ඇති අතර, සිද්ධිය වූ දින මියගිය පුද්ගලයා පිහියක්ද රැගෙන බිරිඳගේ නිවසට ගොස් බිරිඳගේ මවට පිහියකින් ඇනීමට උත්සහ කළ අවස්ථාවේ බිරිඳගේ පියා විසින් එල්ලකළ මෝල් ගස් පහරක් හේතුවෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart