
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් ආරවුලක් මත පියාගේ පොරෝ පහරකට ලක්වූ පුතෙක් බරපතල තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙන බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි මාඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවැසේ.
පහරදීම සිදු සිදුකළ හතළිස් පස් හැවිරිදි පියා පන්සියගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්‍රයාගේ යතුරුපැදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම යතුරුපැදිය මුදාගැනීමට මුදල් අවශ්‍ය බව පැවසීමේදී ඇති වූ වචන හුවමාරුව දුරදිග යෑමෙන් පසු මෙම පහරදීම සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින බවද වැඩිදුරටත් පොලිසිය අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart