
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ කලාකරු ඉෂාක් බේග් රෝගී වීම හේතුවෙන් ඔහුට සහාය වීම උදෙසා ආරම්භ කරන ලද ‘ඉෂාක් වෙනුවෙන් කෝටියක්’ යන අරමුදල් රැස් කිරීමේ වැඩසටහන අනිසි ලෙස භාවිත කර විදේශයන්ගේ වාසය කරන පුද්ගලයන්ගෙන් මුදල් රැස්කළ බවට සැක කෙරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මුල්ලේරියාව පොලිසිය ඊයේ (30) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායකට දැනුම් දී ඇත.
නිවේදක රංගන ද සිල්වා විසින් යොමුකරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය පැවැසීය.
නාඳුනන පුද්ගලයකු රංගන ද සිල්වා යන නමින් පෙනීසිටිමින් දුරකථන ඇමතුම් හරහා විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අමතා එම අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයට මූල්‍ය දායකත්වය ඉල්ලා ඇති අතර, ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු විසින් සැබෑ රංගන ද සිල්වා සම්බන්ධ කරගැනීමෙන් ඒ පිළිබඳව විමසා සිටිමෙන්, වංචාව සම්බන්ධයෙන් අනාවරණය වී ඇත.
ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන්, විමර්ශනයේ ප්‍රගති වාර්තාවක් ප්‍රමාදයකින් තොරව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart