
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වී ඇති ඇතැම් චෝදනා, 2019 අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් පිළිගත් කතා ප්‍රතික්ෂේප කරන කුමන්ත්‍රණ න්‍යායන් පමණක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති රැස්වීමකදී මන්ත්‍රීවරුන්ට පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩසටහනකදී ත්‍රස්ත විමර්ශන අංශයේ (CTID) ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සඳහන් කරන ලද්දේ, ‘සොනික්’ නමින් හැඳින්වූ පුද්ගලයෙක් සම්බන්ධ චෝදනා සහ මීගමුව කටුවාපිටිය පල්ලියේදී සියදිවි නසාගත් මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වන සාරා ජැස්මින් සම්බන්ධ ප්‍රවෘත්ති බොහොමයක්ද කුමන්ත්‍රණ න්‍යායන් වන අතර ඒවා අසත්‍ය වන බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරින්ද මෙම රැස්වීමට සහභාගි වී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව මීට පෙර වාර්තා වූවත්, අවසානයේදී එම නිලධාරීන් දෙදෙනාම රැස්වීමට සහභාගි නොවීය.
ප්‍රහාරය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් දෙදෙනකු පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කතාකරන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මීට පෙර ප්‍රශ්න කළේය.
කෙසේවෙතත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයවර්ධන ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ IIවන කමිටු ශාලාවේ පැවැති ප්‍රවාහන හා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ වෙනම රැස්වීමකට සහභාගී වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart