March 25, 2024

බඩඉරිඟු, වී, මුං ඇට, තල, මෙනේරි, කළු ඇට ඇතුළු ධාන්‍ය බීජ වියළීම සඳහා හඳුන්වාදුන් ප්‍රථම සූර්ය උමං වියළන(Solar Tunnel Dryer) තාක්ෂණය සාර්ථක වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය පසුගියදා වව්නියාව නෙළුක්කුලම් ප්‍රදේශයේදී ඇරඹුණු අතර, නව බීජ වියළන පද්ධතිය කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ස්වාභාවික හිරු එළිය සහ සූර්ය කිරණ අඛණ්ඩව ලබාගත හැකිවන පරිදි සම්පූර්ණ ගබඩාව වීදුරුවලින් ආවරණය කර ඇත.

රාත්‍රියේදී වුවද බීජ වියළීම සඳහා අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය භාවිතයෙන් ලබාගත හැකිය.

මෙම ක්‍රමය යටතේ, බීජ සම්පූර්ණයෙන්ම සූර්ය පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කර ඇත.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් පැවසුවේ සූර්ය උමං වියළන තාක්ෂණය ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන අතර මේ වන විට එම අත්හදා බැලීම් සියයට සියයක් සාර්ථක වී ඇති බවයි.