
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ආධාර මත ලැබුණු සූර්ය පැනල පූජනීය ස්ථානවල සවිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම කටයුතු කඩිනම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් උදයංග හේමපාල සඳහන් කරයි.
ඒ අනුව මේ වනවිට පුජනීය ස්ථානවල වහල මත සවිකර ඇති සූර්ය පැනල සංඛ්‍යාව 1000 කට අධික වෙයි.
කිලෝ වෝට් පහක ධාරිතාවෙන් යුත් සූර්ය පැනල 5000 ක් ඉන්දීය ආධාර මත මෙරටට ලැබී ඇත.
මාර්තු මාසයට පෙර එම සූර්ය පැනල සියල්ල සවිකිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
පූජනීය ස්ථානවල විදුලිබිලට සහනයක් ලබාදීම සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart