
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ ඊයේ (26) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවුසවේ සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවය.
“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි. ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ඔන්ලයින් පනත හරහා මඩ ගහන සියලුදෙනාට නඩු පවරනවා. සියලුදෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart