March 13, 2026

උෂ්ණත්වය හිමාංකයට වඩා පහත වැටීමෙන් පසු නිරිතදිග ඇල්ජීරියාවේ සහරා කාන්තාරයේ ඇතැම් ප්‍රදේශවලට හිම පතිත වී තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ තැඹිලි පැහැති වැලි කඳු සුදු පැහැයෙන් වැසී ගොස් තිබිණි.

පදිංචිකරුවන් සහ සංචාරකයන් පුදුමයට පත් කරමින් අයින් සෙෆ්‍රා නගරය අසල මෙම හිම පතනය වාර්තා විය.

එම නගරය පිහිටා ඇත්තේ ඇට්ලස් කඳු පාමුල සහාරා හි උතුරු මායිමේ වන අතර, සීතල වාතය ඉඳහිට කාන්තාරයේ දුර්ලභ හිම පතනයට ඉඩ සලසයි.

පසුගිය දශක හතර තුළ මෙම ප්‍රදේශයට හිම වැටෙන හත්වැනි අවස්ථාව මෙය බව වාර්තා පවසයි.

2016ට පෙර, අයින් සෙෆ්‍රා හි අවසන් වරට හිම පතනයක් වාර්තා වී තිබුණේ 1979 දීය.

හිම කෙටි කාලයක් පැවති අතර ටික වෙලාවකට පසු දිය වී ගොස් තිබිණි.