May 23, 2026

ආනන්ද විජේපාලගේ පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැහැදිලි ලෙස දෙකට බෙදුණේ මේ සිදුවීමේ මුල සිටය.
එහෙත් එය රටම දුටුවේ අද අනුරාධපුර නඩුවේදීය.
දැන් එහි තාර්කික ප්‍රතිඵලය වී ඇත්තේ පොලිස් ලොක්කා කීර්ති රත්නායක නමැත්තකු ලවා ළමා ආරක්ෂක අධිකාරිය පැත්තෙන් නඩුව මෙහෙවූ නීතිඥ සජීවනී අබේ⁣කෝන් ඉලක්ක කර මඩ ව්‍යාපෘතියක් ඇරඹීමය.
ආනන්ද විජේපාලගේ පොලීසිය මේ නඩුව ගඟේ යවන බව අප කීවේ මීට බොහෝ කලකට පෙරය.
අද එය මුළු රටම දුටු යථාර්ථයකි.
සැකකරුවා අත්අඩංගුවට ගැනීම දිගු කලක් තිස්සේ වැලැකුවේ කවුද? පොලිස් ඇමැති දිය යුතු පළමු පිළිතුර එයයි. (වොයිස් කට් නොදමා මාධ්‍ය හමුවක් තබන්න)
සමාජයෙන් ආ තෙරපුම නොවන්නට මේ පාලන තන්ත්‍රයේ සෙළුව වසන්නට මේ සයිබරයේ තව කව් ගී ලියැවෙනු ඇත.
සිස්ටම් චේන්ජ් වන්නේ හුදු පුද්ගලයන් පුටුවලට පත්කිරීමෙන් නොවේ.
එසේ වී නම් ආනන්ද විජේපාලගේ පොලිසිය සැකකරුවකු අරභයා මෙසේ වට වන්දනාවක යමින් විමර්ශන ගඟේ යවන්නේ නැත.
පොලිසියේ දක්ෂ විමර්ශකයන් නැතිවා නොවේ. ප්‍රශ්නය වන්නේ කලින් කලට ඒවා පාලකයා විසින් වර්ණගන්වනු ලැබීමය.
රංවලගේ අනතුරේ සිට ඊට ඕනෑ තරම් නිදසුන් දිය හැකිය.
කීර්ති රත්නායකලාට අත්තටු දෙන ආනන්ද විජේපාලගේ පොලිසියේ ලොකු තැන දිලුම් අමුණුගම ගැන පෝල්රාජ් ඇමැතිනිය ප්‍රයිවට් සෙකට්‍රි හරහා කළ පැමිණිල්ලට ගත් පියවර කුමක්ද?
ජනවරම ඔබ දෙස බලා සිටී.

(සටහන උපුටාගැනීම – ජනමාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ගේ ෆේස්බුක් පිටුවෙන්)