
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය විසින් එරට සියලුම රාජ්‍ය සේවකයින් සඳහා ස්මාර්ට් ජංගම දුරකථන (Smartphones) භාවිතය රට පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
හමුදා අධිකරණ නියෝගයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇති අතර, මෙම පියවර හේතුවෙන් තොරතුරු දැනගැනීමට ඇති අයිතිය තවදුරටත් සීමා විය හැකි බවට මානව හිමිකම් ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලද එම අධිකරණ නියෝගයට අනුව, ජූනි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි “විනිසුරුවරුන් ඇතුළු මිලිටරි සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්” සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇත.
මෙම නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ ජංගම දුරකථන පොඩි කර විනාශ කර දමන බවත්, ඔවුන්ට නීතිය ඉදිරියේ දඬුවම් විඳීමට සිදුවන බවත් එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම තාලිබාන් පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ වන විටත් මෙම සීමා කිරීම් හේතුවෙන් රාජ්‍ය ආයතනවල නිල කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව රජයේ සේවකයෝ පවසති. එමෙන්ම අවම වශයෙන් එක් පළාත් පාලන ආයතනයක් වත් මෙම තහනම වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
“මීට පෙර බොහෝ නිල කටයුතු සිදු කෙරුණේ ජංගම දුරකථන, වට්ස්ඇප් (WhatsApp) සහ ඊමේල් (Email) හරහායි. මෙම තහනම නිසා පරිපාලන ක්‍රියාවලීන් බොහොමයක් සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා,” යැයි රජයේ සේවකයෙකු ප්‍රකාශ කර තිබේ.
මේ අතර, පන්ජ්ෂිර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම ප්‍රාන්තයේ සියලුම රාජ්‍ය කාර්යාල තුළ මෙම තහනම දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart