
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංගම මූල්‍ය වංචා වලට සම්බන්ධ සේවකයන්ගේ වත්කම් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.
ඔහු කියා සිටියේ සුළු පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය වංචාවන් සිදුකිරීමට පෙළඹීම හේතුවෙන් දෛනිකව අති විශාල අදායමක් අහිමි වන බවය.
වංචනික ක්‍රියාවන්වලට සම්බන්ධවීම හේතුවෙන් ලංගම ප්‍රධාන කාර්යාලයේ හදිසි වැටලීම් අංශය විසුරුවා හැරීමට සිදුවූ බව ද ඇමැතිවරයා පැවසුවේ නවක රියදුරන් 800ක් සහ කොන්දොස්තරවරුන් 290ක් බඳවා ගැනීමේ වැඩසටහනේ, හයවැනි අදියර යටතේ පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි.
අදාළ නිලධාරීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් මේ වනවිටත් විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගියදා ලංගම සේවකයන් ව්‍යාජ ටිකට් ලබාදී වංචා කළ සිද්ධීන් කිහිපයක්ම වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart