
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැප්තැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේදී රනිල් වික්රමසිංහ හමුවී සහාය දෙන බවට සහතික වූ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් 92 දෙනෙකු එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂට අනතුරු ඇඟවීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහට සහය නොදැක්වීමට ගත් තීරණය ආපසු හැරවීමට කටයුතු කරන ලෙස සහ ඊට පිටුපාන්නේ නම් එහි ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
වාර්තාවන පරිදි ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 92 දෙනෙක් අගමැති දිනේෂ් ගුණවර්ධන සමග ජනාධිපතිවරයා හමුවී සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී ඔහුට සහාය දෙන බවට සහතික වී තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සඳුදා ගත් තීරණයේ දිගටම රැඳී සිටියහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට ලබාදෙන සහාය පිළිබඳ යළි සළකා බැලීමට සිදුවන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් රාජපක්ෂට අනතුරු අඟවා තිබේ.
වික්රමසිංහට සහාය දැක්වීමට අපොහොසත් වීම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මරණයට හේතු විය හැකි බවට ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රී කණ්ඩායම අනතුරු අඟවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart