
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් නෙරපා හැරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගත් තීරණය වලංගු කරමින් සිකුරාදා (06) ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුව, ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු පාර්ලිමේන්තුවට පත්කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස එම පක්ෂය මැතිවරණ කොමිසමින් ලිඛිතව ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් පවසා ඇත්තේ, නසීර් අහමඩ් මහතා නෙරපා හැරීමට ගත් තීරණය පිළිබඳ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් පක්ෂය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සහ මන්ත්‍රීවරුන්ට, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
නසීර් අහමඩ් තේරී පත් වූ මන්ත්‍රීවරයකු බැවින්, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මීළඟට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ඔහු වෙනුවට පත් කළ යුත්තේ මැතිවරණ කොමිසම විසිනි.
ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා බව නිසාම් කාරියප්පර් පෙන්වාදෙයි.
2022 විසර්ජන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමන් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණයට එරෙහිව පරිසර ඇමැතිවරයා ද වන නසීර් අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුව පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නිවැරදි බව තහවුරු කරනු ලැබීය.
නව මන්ත්‍රීවරයකු පත්කිරීමත් සමග ආණ්ඩුවට පක්ෂපාතීත්වය දක්වන එක් මන්ත්‍රීවරයකු අහිමිවන අතර, අලි සහීර් මවුලානා මුස්ලිම් කොන්ග්රසය සමග විපක්ෂයට සහාය දක්වමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart