
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මෙහිදී නව මහලේකම්වරයා ලෙස සරත් එකනායකගේ පත් කිරීම අනුමත කරගැනීමට ද එම පක්ෂය බලාපොරොත්තු වන බව වාර්තා වේ.
දයාසිරි ජයසේකර නෙරපා හැරීමෙන් පසු ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පත්කෙරුණු සරත් ඒකනායකගේ නව තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මෙම තීරණය ලබා දී ඇත.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුර සම්බන්ධයෙන් ගැටළු පවතින තත්ත්වයක තිලංග සුමතිපාල සන්ධාන කාර්යාලයේ තම ලිපිගොනු පසුගියදා ඉවත් කරගෙන තිබිණ.
නිදහස් පක්ෂ මූලස්ථානයේ පිහිටා ඇති මෙම කාර්යාලයේ යතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ගෙන්වාගෙන සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දුන් බවට වාර්තා පළ විය.
මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර හදිසියේ ඉවත් කිරීමට නිදහස් පක්ෂය පසුගියදා තීරණය කළේය.
දින 14 ක් තුළ ඊට හේතු දන්වන බවට ඔහුට යැවූ ලිපියේ සඳහන්ව තිබිණ.
කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබුණේ නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට සහය දැක්වූ කණ්ඩායමේ බලපෑම් මත පක්ෂ සභාපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවය.
දයාසිරි ජයසේකරට මහලේකම් තනතුර හැර වෙනත් ඕනෑම තනතුරක කටයුතු කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර තිබිණ.
මේ වන විට ශ්‍රී ලනිපයට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයටද මහලේකම්වරු නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart