
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය මෙවර හෙට්ටිපොළදී පැවැත්වෙන බව, ඊයේ ප්රකාශ කළත් අද වන විට එම තීරණය වෙනස් වී තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂ 72 වෙනි සංවත්සරය ආරක්ෂක හේතූන් මත සහ රටේ පවතින අයහපත් ආර්ථික තත්වය මෙන්ම පක්ෂයේ ආසන සංවිධායකවරු, පළාත් සභා ප්රාදේශීය සභා හිටපු මන්ත්රීවරු ඇතුළු සමස්ත ක්රියාකාරී සියලුදෙනාට පහසු වන පරිදි 2023 සැප්තැම්බර් 03 වන දින සවස 2.00 ට, ශ්රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් ( Monarch Imperial ) හෝටලයේ දී පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂය අද යළි ප්රකාශ කළේය.
ශ්රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන සමඟ පැවැති සාකච්ඡාවකින් පසු, සංවත්සරය හෙට්ටිපොළ පැවැත්වෙන බව ඊයේ පැවසීය.
එහෙත් ඊයේ ඇමැති නිමල් සිරිපාල ඇතුළු ආණ්ඩුවට සහාය දෙන පිරිසද හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන හමුවූ අතර, ඉන් අනතුරුව මෙම නව තීරණය ප්රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart