
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බල මණ්ඩලය විසින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තීරණයක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇත.
මෙම පෙත්සම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි කාන්තා බල මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලයේ ලේකම්, නීතිඥ අනුරාධා ලක්මිණී ගුරුගේ විසින් ගොනුකර තිබේ.
යෝජිත සංශෝධනයේ ඇතැම් වගන්ති මගින් දැනට ධුරයේ සේවය කරන විනිසුරුවරුන්ට ඍජු බලපෑමක් එල්ල විය හැකි බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල බෙදීමට සහ ආයතනික සංවරණ හා තුලන පද්ධතියට බලපෑම් ඇති විය හැකි බවත් පෙත්සම්කාරිය සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙන ඕනෑම සංශෝධනයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු අතර අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කළ යුතු බව ඔවුහු වැඩිදුරටත් තර්ක කරති.
පෙත්සමට අනුව, ප්‍රමාණවත් මහජන සංවාදයකින් තොරව සහ ප්‍රමාණවත් පාරදෘශ්‍යභාවයකින් තොරව යෝජිත සංශෝධනය හදිසියේ හඳුන්වා දී ඇත.
යෝජිත වෙනස්කම් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය යටතේ සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යයට මෙන්ම 4(ඇ) වගන්තිය යටතේ ජනතාව කෙරෙහි පැවරී ඇති අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයට ඍජු අහිතකර බලපෑමක් එල්ල විය හැකි බව පෙත්සම්කරුවෝ කියාසිටිති.
ඒ අනුව, අධිකරණයේ ස්වාධීනත්වයට අදාළ යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරයට අමතරව, ජනමත විචාරණයකින් ජනතාවගේ ඍජු අනුමැතිය ද ලබාගත යුතු බවට තීරණය කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
එබැවින් යෝජිත 22 වැනි සංශෝධනය ජනමත විචාරණයකදී අනුමැතිය ලබා ගැනීමකින් තොරව සම්මත කළ හැකිද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් මෙම පෙත්සම මගින් අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart