
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම දේශීය තරඟාවලි නවතා දැමීමට පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසර මුලදී සිදු කරන ලද තරඟාවලි ව්‍යුහයේ වෙනසක් සම්බන්ධයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද ලිපියක් හේතුවෙන් මෙලෙස දේශීය තරඟාවලි අත්හිටුවා ඇති බව දැනගන්නට ඇත.
මේ වසරේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී නීතිමය වෙනසක් සිදු කළ බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා සිය ලිපියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.
එහිදී පවතින ක්‍රිකට් සමාජ 26 පළමු පන්තියේ දේශීය තරඟාවලිය ස්ථර දෙකකට බෙදීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අවශ්‍ය අනුමැතිය ලැබී නැත.
ව්‍යුහය වෙනස් කිරීම ක්‍රියාත්මක කිරීමෙන් පසුව අගතියට පත් ක්‍රීඩා සමාජයක් ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් කර ඇති බවද දැනගන්නට ඇත.
පරීක්ෂණයකින් අනතුරුව, සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට පැවැත්වෙන දේශීය තරඟාවලි අත්හිටුවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart