
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණයක් මත සියලුම දේශීය ක්‍රිකට් තරග අත්හිටුවා ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (01) නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද එම නිවේදනයේ මෙසේ සඳහන් කර ඇත.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ‘ගවර්නර්ස් කුසලාන’ තරගාවලියේදී තමන්ට අසාධාරණයක් වූ බවට ගෙස්ටෝ ක්‍රීඩා සමාජය දිසා අධිකරණයට පැමිණිල්ලක් කර තිබිණි. අදාළ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ගරු දිසා අධිකරණය විසින් ක්‍රීඩා ඇමැතිවරයා නම් කර ඇත. ඒ අනුව ගෙස්ටෝ ක්‍රීඩා සමාජය විසින් අමාත්‍යාංශය වෙත යවන ලද පැමිණිල්ල අභියාචනා උපදේශක කමිටුව වෙත යොමු කර ඇත.
දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලකගේ ප්‍රධානත්වයෙන් යුත් අභියාචනා උපදේශක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට දැනුම් දෙන ලෙස අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. එසේම 2023 ජුනි 17 වන දින සම්මත කරන ලද සියලුම සංශෝධන ඒකපාර්ශ්විකව සිදුකර ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව ඒවා ක්‍රියාත්මක කළ නොහැක.
අභියාචනය සම්බන්ධයෙන් අභියාචනා උපදේශක කමිටුවේ තීරණය 2023 අගෝස්තු 25 වැනි දින ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දැනුම් දෙන ලදී.
යෝජිත සංශෝධනය නීත්‍යානුකූලව අනුමත කරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින ව්‍යවස්ථාව ඉදිරියට ගෙන යා යුතුය.
තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින ව්‍යවස්ථාවේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බැවින්, එම තීරණය මෙරට කිසිදු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට බාධාවක් නොවිය යුතුය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජිත සංශෝධන අධ්‍යයනය සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති අතර එම තීරණය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart