
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් නොකළද සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා 20 දෙනකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූළික සංචිතය නම්කර ඇති බව වාර්තා වේ.
අබාධයකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය වූ වනිඳු හසරංගට සහ කලකට පසු අකිල ධනංජයටද එම සංචිතයේ ඉඩක් හිමිව ඇත.
විශේෂත්වය වන්නේ ඇන්ජලෝ මැතිව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා,ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, කසුන් රාජිත ,මතීෂ පතිරණ සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයන් එම සංචිතයට ඇතුළත් නොවීමය.
දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක,පැතුම් නිශ්ශංක,සධීර සමරවික්‍රම,අවිශ්ක ප්‍රනාන්දු,නුවනිදු ප්‍රනාන්දු,ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, කමිදු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ සිම්බාබ්වේ සමග එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූළික සංචිතයට ඇතුලළත්ව තිබේ.
දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 06 ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart