
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අතර හුවමාරු වූ සන්නිවේදනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අනවශ්‍ය ඇඟිලි ගැසීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ICC වෙත ලිපියක් යවා ඇති බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට මග පෑදූ බවත් විපක්ෂ නායකවරයා ඊයේ අනාවරණය කළේය.
එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, නොයෙකුත් අනතුරු ඇඟවීම් නොතකා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහගේ අඛණ්ඩ මැදිහත්වීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම සිදුවූ බවයි.
ICC වැනි අන්තර්ජාතික ආයතනවලට අනුබද්ධ ක්‍රීඩා සංගම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සංකීර්ණතා බොහෝදෙනකුට සම්පූර්ණයෙන් වටහාගත නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart