
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සමඟ විදුලිබල ජාල සම්බන්ධතාව ස්ථාපිත කිරීමේදී, ශ්‍රී ලංකාව මුහුද යට කේබල් රැහැන් හෝ කණු මත දිවෙන රැහැන් යන දෙයාකාරය සඳහාම විවෘතව සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ තාක්ෂණික වාර්තාව අවසන් අදියරේ පවතින අතර, සතියකින් එය අවසන් කිරීමට දෙපාර්ශවය බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඊට අදාළ සියලු තොරතුරු ඉන්දියාවේ Power Grid Corporation සමගම වෙත ලබාදී ඇතැයි පැවැසේ.
“අපි මුහුද යට කේබල් සහ කණු මත කේබල් යන දෙකම යෝජනා කර තිබෙනවා. අපි ඒ දෙයාකාරයටම විවෘතයි. මුහුද යට කේබල් සඳහා, මූලික පිරිවැය ඉහළයි. සම්ප්‍රේෂණ කුළුණු මත ගමන් කරන කේබල් සඳහා මුල් පිරිවැය අඩු වුණත්, පසුව නඩත්තු කිරීම සඳහා වියදම් වැඩියි. අපි විකල්ප දෙකම යෝජනා කර තිබෙනවා,” යැයි තොරතුරු දත් විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතියට අදාළ විදුලි රැහැන් යාවන සම්පුර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් 120ක් පමණ වන බව වාර්තා අනාවරණය කරයි.
මීට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී විදුලිබල පද්ධති දෙක සම්බන්ධ කිරීමේ ගිවිසුමකට දෙපාර්ශවය අත්සන් තැබීය.
ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය ද සුළං බලය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජනය දැනටමත් දියත් කර ඇත.
ඉන්දියාව මේ වන විට බංග්ලාදේශය, නේපාලය සහ භූතානය සමඟ සිය ජාලය සම්බන්ධ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart