
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් රාජධානියේ සුදු හමක් නොමැති ලාබාලතම විනිසුරුවරිය ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයේෂා ස්මාර්ට් පත්කර ඇත.
ඒ අනුව 34 හැවිරිදි අයේෂා ස්මාර්ට් එංගලන්තයේ ඊසානදිගින් පිහිටි ‘ක්‍රවුන් උසාවියට’ සිය පත්වීම ලබා තිබේ.
එම තනතුරට පත් ලාබාලතම සුදු ජාතික නොවන තැනැත්තිය මෙන්ම, ඕනෑම පසුබිමකින් තෝරා ගන්නා ලද තුන්වන ලාබාලතම පුද්ගලයාද ඇය වනු ඇත.
එක්සත් රාජධානියේ විනිශ්චයකරුවකු වීමේ ක්‍රියාවලිය සංකීර්ණ වන අතර, විභාග දෙකක්, ප්‍රයෝගික අභ්‍යාසයක් සහ සම්මුඛ පරීක්ෂණයක් ඊට ඇතුළත් වේ. අවසාන පත්වීමට අනුමැතිය රජු විසින් ලබා දිය යුතුය.
අයේෂා ස්මාර්ට් විශේෂඥ වෛද්‍යවරියකද වේ. ඇය ලීඩ්ස් සරසවියේ නීතිවේදය හැදෑරීමට පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart