
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි නීති සම්පාදනයේදී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපති චුන්ග් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කරන විට, තාක්ෂණික අංශයෙන්, සිවිල් සමාජයෙන් සහ විවිධ ප්‍රවීණයන්ගෙන් අදහස් ඇතුළත් කිරීම ඉතා වැදගත් බවයි.
“ප‍්‍රකාශනයේ නිදහස සුරැකීම අත්‍යවශ්‍ය වන්නේ එය අත්‍යවශ්‍ය සහ ආරක්ෂා කළ යුතු මූලික අයිතිවාසිකමක් වන බැවිනි” යැයි ඇය පවසා ඇත.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට සහ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල හොඳම භාවිතයන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීති සංශෝධනය කිරීමට ලබාදුන් ප්‍රතිඥාවට ගරු කරන ලෙසද තානාපති චුන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සහ මූලික නිදහස යන දෙකම ලැබිය යුතු බව ඇය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart