
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ලන්ඩනයේ පිහිටි විදේශ තානාපති කාර්යාල විශාල සංඛ්‍යාවක් විසින් පවුම් මිලියන ගණනක මුදලක්(congestion charges) බ්‍රිතාන්‍යයට ගෙවිය යුතුව ඇති බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනය කර ඇත.
පාර්ලිමේන්තු උප ලේකම් (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) ඩේවිඩ් රට්ලි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ලිඛිත පිළිතුරක් දෙමින් කියාසිටියේ මෙම පාර්ශව විසින් ගෙවිය යුතුව ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය පවුම් මිලියන 145 කට වඩා වැඩි බවයි.
අනුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවිය යුතු මුළු හිඟ මුදල ලෙස පවුම් 652,120ක් ලෙස දැක්වේ.
කෙසේවෙතත්, උප ලේකම් රට්ලිට අනුව, මෙලෙස හිඟ ගෙවීම් සහිත රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ අන්තර්ජාතික සංවිධාන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නොමැත.
“රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය යටතේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රාජ්‍යයේ නීති සහ රෙගුලාසිවලට ගරු කිරීමට බැඳීමක් ඇත. එබැවින් බ්‍රිතාන්‍ය රජය සියලුම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල එක්සත් රාජධානියේ නීති සහ රෙගුලාසිවලට ගරු කරනු ඇතැයි අපේක්ෂා කරයි.” යැයි එහි සඳහන් වේ.
මෙලෙස ගෙවීම් පැහැරහැර ඇති අනෙකුත් රටවල් අතර එක්සත් ජනපදය, ජපානය, පෝලන්තය, ප්‍රංශය සහ ජර්මනියද වෙයි.
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අදාළ ලේඛනය පහතින් දැක්වේ
https://questions-statements.parliament.uk/written-statements/detail/2023-09-14/hlws1013
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart