
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලින්(IMF) ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව, පසුගිය වසරේදී, මෙරට බහුලව වගාකෙරෙන කිරි අල, සුදු ළුණු, අල, තක්කාලි, පැපොල්, කොමඩු, බෝංචි, අන්නාසි වැනි ආහාර වර්ග ආනයනය කිරීම වෙනුවෙන් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 295ක් වැයකර ඇති බව අනාවරණය වේ.
මෙම තොරතුරු ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසිනි.
තවදුරටත් මෙවැනි බහුලව වගා කරන ආහාර ද්‍රව්‍ය ආනයනය කරන ආර්ථිකයක් නිර්මාණය කිරීම තේරුමක් නැති දෙයක් බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
“පහසුවෙන් මහපොළොවේ වැවෙන භෝග වගා නොකර පොළව යට ඛනිජ ගැන කතා කිරීම විකාරයක්. කිරි අල, මඤ්ඤොක්කා පිටරටින් ගෙන්වා ඩොලර් පිටමං කරන්න හදනවා නම් ඒක අපි හැමෝගෙම අවාසනාවක්” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart