
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිවු කොක්කුතුඩුවායි ප්‍රදේශයේ කැණීම් කටයුතු කළ සමූහ මිනී වළෙන් හමු වූයේ කොටි සංවිධානය මඟින් පවත්වාගෙන ගිය වධකාගාරයකින් ඝාතනයට ලක් වූ සාමාජිකාවන්ගේ මළ සිරුරුවල ඇටසැකිලි බව කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු ආරක්ෂක අංශවලට ඊයේ (10) ප්‍රකාශ කර ඇතැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
අදාළ වාර්තාවට අනුව, මෙම සමූහ මිනී වළේ තිබී කොටි සාමාජිකාවන් තුන්දෙනකුට අයත් සම්පූර්ණ ඇටසැකිලි තුනක් පෙරේදා (09) හමුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ එම සාමාජිකයා ප්‍රකාශකොට ඇත්තේ කොටි සංවිධානයේ වධකාගාරයක් මෙම සමූහ මිනී වළට යාබදව ඉඩම් දෙකකට එහායින් තිබූ බවයි.
වැරදි කරන ලද කොටි සාමාජිකාවන් විශාල පිරිසක් මේ ස්ථානයේ රඳවා සිටි බවද ඔහු ප්‍රකාශ කර ඇත.
තවද එම ස්ථානයෙන් කොටි සාමාජිකාවන් දෙදෙනකුට අයත් ඔවුන් විසින් කරේ පැළඳ සිටි අංක තහඩු (ඩෝග් ටැග්) දෙකක් ද හමු වී තිබේ.
එම ස්ථානයෙන් කොටි කාන්තාවන්ගේ නිල ඇඳුම් කොටස් විශාල ප්‍රමාණයක් ද පියවුරු ආවරණ කීපයක්ද හමු වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart