
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරයට සභිකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා අද පෙරවරුවේ පැවැති ඡන්ද විමසීමේදී බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය අත්තනෝමතික ලෙස කටයුතු කළ බවට එම ඡන්ද විමසීමෙන් පරාජයට පත්වූ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක රීසා සරූක් චෝදනා කළේය.
ඔහු පැවසුවේ, කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඒකපාර්ශ්විකව ක්‍රියාකළ බව සහ රහස් ඡන්දයක් සඳහා අවස්ථාව සලසා දෙමින් ආණ්ඩු පක්ෂයට වාසිසහගත අයුරින් කටයුතු කළ බවයි.
“ආණ්ඩු පක්ෂයේ බලපෑමත් සමඟ ඔවුන් රහස් ඡන්දයක් තෝරාගැනීමට සැලසුම් කර තිබූ බව පැහැදිලියි. අපගේ විරෝධතා නොතකා, ඡන්දය රහස් හෝ විවෘත ඡන්දයකින් පැවැත්විය හැකි බවට කොමසාරිස්වරිය ආරම්භයේදීම ප්‍රකාශයක් කළා” යනුවෙන් ඔහු ජනමාධ්‍ය හමුවේ පැවසීය.
“ඒ ඡන්ද ක්‍රමයත් බහුතර මන්ත්‍රීවරුන් විසින් තීරණය කළ යුතුයි. කෙසේවෙතත්, කොමසාරිස්වරිය අත්තනෝමතික ලෙස ප්‍රකාශ කළා එය රහස් ඡන්දයකින් තීරණය කරන බව, ඒ නිසා රහස් ඡන්දයකට යාමට අපට සිදුවුණා” ඔහු පැවසුවේය.
රහස් ඡන්දයක් ගැන ප්‍රකාශ කළ අවස්ථාවේ ඒ පිළිබඳ තම පාර්ශවය තුළ කනස්සල්ලක් ඇති වූ බව ද ඔහු කියා සිටියේය.
කෙසේවෙතත් රීසා සාරුක් නගරාධිපති ධූරයට තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් වෙත සුබපැතුම් එක්කරමින් කියාසිටියේ, නගරයට හිතකර වැඩසටහන් සඳහා ඔවුන්ගේ සහයෝගය ලැබෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart