
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පහළොස් හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් හයදෙනකු ඇතුළුව හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අතර අදාළ සිසුවියගේ පෙම්වතා බව පැවසෙන පාසල් සිසුවකු ද වන බව පැවැසේ.
දැරියගේ මව්පියන් කරන ලද පැමිණිල්ලකට අනුව එම සිසුන් පිරිස අත්අඩංගුවට ගත් බවත්, සමූහ දූෂණයට ලක්ව ඇතැයි පැවැසෙන පාසල් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය පවසයි.
අදාළ දැරිය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා පෙම්වතා බව කියන සිසුවා හමුවීමට ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී සැකකරු විසින් එම සිසුවිය හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරකුගේ නිවසකට රැගෙන ගොස් දූෂණය කර ඇති බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.
එමෙන්ම සිද්ධිය සිදුව ඇතැයි පැවැසෙන දිනයේ උදෑසන 09 සිට පස්වරු 03 දක්වා පැය 06 ක පමණ කාලයක් සැකකාර සිසුවා ඇතුළු මිතුරන් විසින් අදාළ සිසුවිය වරින්වර බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි අනාවරණ වී ඇති බව ද පොලීසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart