
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ පැරෂුට් පුහුණුවීම් සඳහා පැවැති පරීක්ෂණ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයක් මුහුදට කඩාවැටීමෙන් පොලිස් නිලධාරීන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ බැංකොක් සිට කිලෝ මීටර් 130 ක් පමණ නිරිත දෙසින් පිහිටි වෙරළබඩ නිවාඩු නිකේතන සඳහා ප්‍රකට චා-අම් දිස්ත්‍රික්කයේදී එරට වේලාවෙන් රාත්‍රී 08 ට පමණ එම ගුවන් යානය මුහුදට කඩාවැටී ඇති බවයි.
තායි රාජකීය පොලිසිය ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ, අනතුරින් නිලධාරීන් පස්දෙනකු එම ස්ථානයේදීම මියගිය බවයි.
අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ද සඳහන් වේ.
ගුවන් යානය කඩාවැටීමට හේතුව සොයා නිලධාරීහු ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත සටහන් යන්ත්‍රය පරීක්‍ෂා කරමින් සිටිති.
එරට දේශීය ජනමාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානය වෙරළේ සිට මීටර් 100 ක් පමණ දුරින් මුහුදට කඩාවැටී ඇති බවයි.
අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් පෙන්නුම් කෙරෙන්නේ, වෙරළේ සිටි පුද්ගලයන් යානය කඩාවැටුණු ස්ථානයට ළඟාවීමට උත්සාහ දරන ආකාරයයි.
මියගිය නිලධාරීන් අතර ගුවන් නියමුවන් තිදෙනෙකු, ඉංජිනේරුවකු සහ කාර්මික නිලධාරීන් දෙදෙනකු සිටින බව ද තායි පොලිසිය තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart