February 12, 2026

කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසු ත්‍රිරෝද රථ රියදුරකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පෙබරවාරි 16 වවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය නියෝග කර තිබේ.

පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ මිතුරකු මීට මාස කිහිපයකට පෙර රාජගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරෙන් පසු, හංසමාලිගේ පුත්‍රයා සහ එම ස්ථානයට පැමිණි සැකකරුවන් පිරිසක් ත්‍රිරෝද රථ රියදුරුට පහර දී ඇති බව කියනු ලැබේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පහරකෑමට ලක්වූ ත්‍රිරෝද රථ රියදුරු වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලක් මත, සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ