
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට පුරා ඝාතන සහ මංකොල්ලකෑම් දිනෙන් දින ඉහළ යෑමත් සමඟ සංවිධානාත්මක අපරාධ සහමුලින්ම පාලනය කිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඔවුන් හා සම්බන්ධ පුද්ගලයන් මර්ධනය කිරීමට පොලිසිය විශේෂ කාර්ය බළකාය (STF) සමඟ එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
එම මෙහෙයුම මාස 06ක් ඇතුළත අවසන් කරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
මෑතක සිට ශ්‍රී ලංකාව තුළ වෙඩි තැබීම් වාර්තා වීම සැළකිවයුතු ලෙස ඉහළ ගොස් තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 40 දෙනකු මියගොස් ඇති අතර තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇත.
මන්නාරම අඩම්පන් ප්‍රදේශයේදී ඊයේද සිදුකෙරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්විය.
මීට පෙර මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදී.
මෙම කමිටුවට උතුරු පළාතෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්.ගුණරත්න, දකුණු පළාතෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී රණසිංහ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ, විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ එන්. සිල්වා ඇතුළත් කර තිබේ.
හඳුනාගත් අපරාධකරුවන්ගෙන් ඇතැමෙක් බන්ධනාගාර තුළ සිට සිය මෙහෙයුම් දිගටම කරගෙන යන බව අනාවරණය වේ.
මෙම පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ලබන සතියේ ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart