
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් ඊයේ (19) දින පාසල් බස් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන තිබේ.
කටුපොත පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද පරික්ෂා කිරීමකදී එම බස් රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
එහිදි රියදුරු බීමතින් සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කටුපොත, රදලියගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථයේ පාසල් සිසුන් 16 දෙනකු සහ මව්වරුන් දෙදෙනකු ගමන් කරමින් සිට ඇති අතර, බස් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙන්ම රථවාහන නීති කඩකිරීම් මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවද ශ්‍රී ලංකා පොලිසිය තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart