
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දැරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් සතුටට පත්නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
“ඇත්ත වශයෙන්ම ඔහු වැරදි සිදුකර තිබෙනවා. එතුමා මාව මහලේකම් ධූරයෙන් අයින් කරලා එදා ඉඳන්ම වැරදි මාලාවක් කරනවා. මම මහලේකම් වුණා නම් එතුමා මේ ප්රශ්නවල ඉන්නේ නැහැ. කෙසේවෙතත්, ඔහුට එරෙහි අධිකරණ තීන්දුව පක්ෂයට විනාශකාරීයි ” යනුවෙන් දයාසිරි ජයසේකර පැවසීය.
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන, මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් ඉවත් කළ ආකාරය පක්ෂයට එතරම් යහපත් නොවන බව ද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
“නිදහස් පක්ෂය දැන් අර්බුදයක තියෙන්නේ සිරිසේන වටේ හිටපු අය දැන් එයාව දාලා යනවා.” පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට අතුරු සභාපතිවරයෙකු පත්කළ හැකි බවත් එය කැඳවීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාට ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
“මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩුව ගොනුකළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. නව අතුරු සභාපතිවරයෙකු පත්කිරීමේදී ඇය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරනු ඇතැයි මම සිතනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතම සගයන් අතර දිනපතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඇසුරු කරන පිරිසක් සිටින බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
“ඒ අය තමයි සිරිසේන නොමග යවලා පක්ෂය විනාශ කළේ.” ඔහු පෙන්වා දෙයි.
“මේ අයට අවශ්‍ය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සහාය දෙන එක. සිරිසේන ඊට විරුද්ධ වුණා.” මන්ත්‍රීවරයා පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමන් දන්නා බව මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කිරීම වරදක් බවත්, සාක්ෂි වසන් කිරීම බරපතල අපරාධයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වාදෙයි.
එළැඹෙන මැතිවරණයේදී තමා සහාය ලබාදෙන්නේ කාටද යන්න ප්‍රකාශ කිරීමට කල් වැඩි බව ද මන්ත්‍රීවරයා පවයි.
මෙතෙක් කිසිවෙකු තවමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කර නොමැති බැවින් තවදුරටත් බලා සිටින බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart