
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘සිපෙට්කෝ’ සන්නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර ලබාදීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සුදානම් වේ.
සිය ‘සිනොපෙක්’ සන්නාමය මෙරට ස්ථාපනය කරගන්නාතුරු, කෙටි කාලයක් සඳහා දැනට චීන සමාගමට ලබාදීමට ගිවිසුම්ගත වී ඇති, ඛනිජ තෙල් නීතිගතසංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල මෙලෙස සිපෙට්කෝ නාමය යටතේ ඉන්ධන අලෙවි කිරීමට සිනොපෙක් සමාගමට අවසර ලබාදීම කෙරෙහි සළකා බලමින් සිටින බව විෂයභාර ඇමැති කාංචන විජේසේකර පවසයි.
එම සමාගමේ සන්නාම ප්‍රවර්ධනය සඳහා යම්කිසි කාලයක් ගත වන බැවින් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බව ඇමැතිවරයා පෙන්වාදෙයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියාසිටියේ සිනොපෙක් සමාගමට අයත් ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අවසානය වන විට දිවයිනට ළඟා වීමට නියමිත බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart