July 23, 2026

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, තර්ජනය කිරීම සහ පහරදීමට තැත්කිරීම යන චෝදනාවලට වරදකරු වූ ‘චිලී’ ලෙස ප්‍රකට, ගායක තිලංක විදූෂට රුපියල් 6,000 ක දඩයක් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් විසින් ඊයේ දින නියම කර ඇත.

ඊට අමතරව, අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වන්දි ගෙවන ලෙස ද අධිකරණය විසින් ඔහුට නියෝග කර තිබේ.

2014 වසරේ ඩෙංගු මර්දන ව්‍යාපාරයක් අතරතුර නිරීක්ෂණ කටයුතු සඳහා තලංගම පිහිටි ඔහුගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන්ට ඔහු මෙසේ තර්ජනය කර බියගන්වා ඇත.

සැකකරු ඇප මත සිටි අතර, මෙම නඩුව වසර 12 ක කාලයක් පුරා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවතිණි.