
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම යටතේ 2025 හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ පළමු ස්ථානය නැවතත් දිනා ගැනීමට සිංගප්පූරුව සමත්ව තිබේ.
එහි දෙවැනි තැන පසුවන්නේ ජපානයයි.
ලොව 199ක් වන සියලුම විදේශ ගමන් බලපත්‍ර අතරින් වීසා රහිතව ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුව සහ අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී ටයිමැටික් දත්ත මත පදනම්වහෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය සකසයි.
ලොව පුරා ගමනාන්ත 227න් 195කට වීසා රහිත ප්‍රවේශයක් සහිතව සිංගප්පූරුව ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත්ව තිබිණි.
කොවිඩ් අගුලු දැමීමෙන් පසු පළමු වරට අසල්වැසි චීනයට වීසා රහිත ප්‍රවේශය නැවත ලබා ගැනීමෙන් පසු ජපානය ලකුණු 193ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයට පැමිණීමට සමත්විය.
ශ්‍රී ලංකාව දර්ශකයේ 96 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ලෝකයේ රටවල් 44 කට වීසා රහිත ප්‍රවේශය ලබා දෙමිනි.
ශ්‍රී ලංකාව සමඟ ඉරානය සහ දකුණු සුඩානය ද දර්ශකයේ 96 වැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 2023 දී 100 වැනි ස්ථානයටත් 2022 දී 102 වැනි ස්ථානයටත් පත්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart