May 30, 2026

ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී මිලෙහි අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

වත්මන් වෙළෙඳපොළ තත්ත්වය පැහැදිලි කරමින් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ, මාර්තු සහ අප්‍රේල් මාසවලට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද, මැදපෙරදිග ගැටුම් ආරම්භ වීමට පෙර පැවති මිල මට්ටම්වලට වඩා ජාත්‍යන්තර මිල ගණන් තවමත් ඉහළ අගයක පවතින බවයි.