
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසියාවේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ්-19 රෝගීන් නැවත වරක් ඉහළයමින් පවතින බවත් හොංකොං සහ සිංගප්පූරුවේ සෞඛ්‍ය බලධාරීන් ආසාදනවල සැළකිව යුතු වැඩිවීමක් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් බ්ලූම්බර්ග් වාර්තා කරයි.
හොංකොං හි නිලධාරීන් පවසන්නේ මිලියන 7කට අධික පදිංචිකරුවන් සිටින නගරය හරහා වෛරසය ක්‍රියාකාරීව පැතිර යන බවයි.
නගරයේ සෞඛ්‍ය ආරක්ෂණ මධ්‍යස්ථානයේ බෝවන රෝග ශාඛාවේ ප්‍රධානී ඇල්බට් ඕ පැවසුවේ වෛරසයේ ක්‍රියාකාරිත්වය දැනට තරමක් ඉහළ බවයි.
එම ඒජන්සියේ දත්තවලට අනුව, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කරන ශ්වසන සාම්පල ප්‍රතිශතය මෑතකදී වසරේ ඉහළම අගයට ළඟා වී තිබේ.
දරුණු රෝගීන් මෙන්ම මරණ ද වසරක් තුළ ඉහළම මට්ටමට ළඟා වී ඇති අතර, මැයි 3 වැනිදා දක්වා සතිය තුළ මරණ 31ක් වාර්තා වී ඇත.
වෛරසයේ මෙම නැවත නැඟිටීම තවමත් පසුගිය වසර දෙකේ වාරතා වූ ආසාදනවල උච්චතම අවස්ථාවන් අභිබවා නැත.
එහෙත් කොවිඩ් ආශ්‍රිත වෛද්‍ය උපදේශන සහ රෝහල්ගතවීම් වැඩිවීමත් සමඟ, වෛරසයේ පුළුල් ප්‍රජා සම්ප්‍රේෂණයක් පෙන්නුම් කර තිබේ.
තවත් ජනාකීර්ණ මූල්‍ය මධ්‍යස්ථානයක් වන සිංගප්පූරුව ද රෝගීන්ගේ තියුණු වැඩිවීමක් අත්විඳිමින් සිටී.
සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ ආසාදනවල සතියකට 28%ක වැඩිවීමක් වාර්තා කර ඇති අතර එය මැයි 3 වැනිදා දක්වා සතිය තුළ ඇස්තමේන්තුගත රෝගීන් 14,200ක් දක්වා ළඟා වී ඇති බවයි.
දිනපතා රෝහල්ගත කිරීම් ද ආසන්න වශයෙන් 30%කින් ඉහළ ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart